Saturday, October 19, 2024

පාර්ලිමේන්තු වරප්‍රසාද ආරක්ෂා කරන්නයි ස.ජ.බ. කතානායකගෙන් ඉල්ලති

සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේම භාෂණයේ නිදහස සුරක්ෂිත කිරීමටත්, ඔවුන්ගේ වරප්‍රසාද ආරක්ෂා කිරීමටත්, මන්ත්‍රී වරුන්ගේ ජීවිත ආරක්ෂාව සැලසීමටත් උත්තරීතර පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස මැදිහත්ව කටයුතු කරණ ලෙස ඉල්ලා විපක්ෂයේ  මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුත් ලිපියක්  සමගි ජන බලවේගය මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් කතානායකවරයා වෙත භාරදුන් බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
 
එම ලිපියේ මෙසේ සඳහන් වේ,
 
“සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුටම තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නීත්‍යානුකූලවම ලබාදී ඇති බව ඔබතුමා හොඳින් දන්නා කරුණකි. එසේ නිත්‍යානුකූලව එම  අයිතිය ලබාදී  ඇත්තේ අන් කිසිවක් නිසා නොව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මහජන නියෝජිතයන් ලෙස තමන්ගේ අදහස් මහජනතාව වෙනුවෙන් රටට ප්‍රකාශ කිරීමට ඇති පරම ආයතන පාර්ලිමේන්තු වන බැවිනි.
 
නමුත් ගරු හරීන්  ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී කරන ලද තමන්ගේ ප්‍රකාශයට ගරු ජනාධිපතිවරයා මන්ත්‍රීවරයාගේ නම සදහන් කරමින් ඔහුගේ කතාවට පාර්ලිමේන්තුවෙන් පිටතදී මාධ්‍ය ඉදිරියේ පිළිතුරු ලබා දෙනු අපි දුටුවෙමු. එම සමස්ත ප්‍රකාශය අධ්‍යයනය කිරීමේ දී එහි භාෂණයේ නිදහසට එරෙහිව යමින් යම් තර්ජනාත්මක  ස්වරූපයක් දක්නට ලැබේ.ගරු ජනාධිපති වරයා පාර්ලිමේන්තුවට පැමිණ පාර්ලිමේන්තු සැසිවාරය සඳහා සහභාගිවීමට අයිතිය ඇති බව සහ ඊට පිළිතුරු දීමට අයිතිය ඇති බවද ඔබතුමා දන්නා කරුණකි. ජනාධිපතිවරයාගේ ප්‍රකාශය හා සමානව ම ඔහුගේ අනුගාමිකයින් හා රාජ්‍ය මාධ්‍ය හා සමාජ මාධ්‍ය තුළින් ද ඔහුගේ ප්‍රකාශයට සමාන ප්‍රකාශ සිදුවනු අපි දුටුවෙමු.
 
එම තත්ත්වය භාෂණයේ නිදහස මෙන්ම මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සහ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට බරපතල බලපෑමක් බව අපගේ විශ්වාසයයි.
 
එම නිසා උත්තරීත පාර්ලිමේන්තුවේ නායකයා වශයෙන් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ගේ භාෂණයේ නිදහස සහ ජීවිත ආරක්ෂාව  පිළිබද කටයුතු කළ හැකි පුද්ගලයා වශයෙන් මෙම තත්වය හමුවේ ගරු මන්ත්‍රීවරුන්ගේ භාෂණයේ නිදහස සුරක්ෂිත කිරීමටත් ඔවුන්ගේ වරප්‍රසාද ආරක්ෂා කිරීමටත් ගරු මන්ත්‍රීවරුන්ගේ ජීවිත  ආරක්ෂාව සැලසීමටත් උත්තරීත පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස මැදිහත් වී කටයුතු කරන ලෙස එම ලිපියෙන් වැඩිදුරටත් ඉල්ලා සිටි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles