හෙට (19) සිට ආරම්භ වීමට නියමිත පාර්ලිමේන්තු සතියේ රැස්වීම්වල කටයුතු දින දෙකකට සීමා කිරීමට අද රැස්වූ පක්ෂ නායකයින් තීරණය කර ඇත.
මන්ත්‍රීවරුන් තිදෙනෙක් ඇතුළු පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ පුද්ගලයින් කිපදෙනෙකුට කෝවිඩ් 19 වෛරසය අසාදනය වීමත් සමග පාර්ලිමේන්තුවේ සභාවාර අඩකට සීමා කිරීමට සෞඛ්‍ය අංශ උපදෙස් ලබාදී තිබේ. ඒ අනුව හෙට සිට අරම්භවීමට ආරම්භ වීමට නියමිත පාර්ලිමේන්තු සතියේ රැස්වීම්වල කටයුතු පිළිබඳ තීරණය ගැනිම සඳහා අද කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් පැවැත්විය.
ඒ සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ගේ ද සහභාගීත්වයෙනි. ඒ අනුව සෞඛ්යාරක්ෂිත රෙගුලාසි අනුගමනය කරමින් පාර්ලිමේන්තුවේ කටයුතු හෙට(19) සහ බදාදා(20) දින පමණක් පැවැත්වීමට පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කර තිබේ. පසුගිය දින දෙකක් තුළ පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති PCR පරීක්ෂණ සඳහා මන්ත්‍රීවරුන් මෙන්ම කාර්ය මණ්ඩලයේ 943 දෙනෙකු සහභාගී වූහ.