ශ‍්‍රි දළදා මාළිගාව කොවිඩ්වලින් ආරක්ෂිතයි

0
901

ශ‍්‍රි දළදා මාළිගාවේ තේවාව භාර ස්වාමින්වහන්සේලාට හා දළදා මාළිගාවේ සිවිල් කාර්ය මණ්ඩලයේ කිසිදු පුද්ගලයෙකුට කොවිඩ්-19 ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබේ.

ඒ, දළදා මාළිගාවේ තේවාව භාර ස්වාමින්වහන්සේලා 5 නමකගේ හා දළදා මාළිගාවේ සිවිල් කාර්යමණ්ඩලයේ 115 දෙනෙකුගේ අද (18) සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයේ ප්‍රතිඵල ලැබීමෙන් පසුවය.

මහනුවර දළදා මාළිගාවේ පොලිස් මුරපොළේ නිලධාරින් පිරිසකට කොවිඩ් ආසාදනය විම හේතුවෙන් එහි සේවය කරමින් සිටි නිලධාරින් 231 දෙනෙක් ඊයේ (17) නිරෝධාය සඳහා යොමුකර තිබුණි.

එම නිලධාරීන් පිරිස වෙනුවට වෙනත් නිලධාරින් 189 දෙනකු අනුයුක්ත කිරිමට ද ඊයේ දින කටයුතු කළේය.

ඒ අනුව, ශ‍්‍රි දළදා මාළිගාව කොවිඩ්වලින් ආරක්ෂිත බව තහවුරු වී ඇති බවත් එබැවින් ඒ පිළිබඳව කිසිවෙකු අවිනිශ්චිත තත්ත්වයක් ඇතිකර ගැනීම හෝ බිය නොවිය යුතු බවත් මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here