Saturday, September 21, 2024

ජල හා විදුලි බිල්පත් ගෙවීමට සහන

කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්වු විදුලි පාරිභෝගිකයන්ට සහන සැලසීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

සංචාරක කර්මාන්තයේ නියුතු ආයතන වෙත විදුලි බිල්පත් සහ ජල බිල්පත් ගෙවීම සඳහා සහන සලසා දීමට අදාළව සංචාරක අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනා සැලකිල්ලට ගෙන, පහත සඳහන් පරිදි කටයුතු කිරීමට ඒ අනුව අනුමැතිය හිමිව ඇත.

* අඛණ්ඩව දින 14කට වැඩි කාලයක් හුදකලා කර ඇති ප්‍රදේශවල ගෘහස්ථ, වාණිජ සහ කාර්මික විදුලි පාරිභෝගිකයින්ට එම කාල සීමාවට අදාළ විදුලි බිල්පත් නිරවුල් කිරීම සඳහා බිල්පත් දිනයේ සිට මාස 06ක සහන කාලයක් ලබා දීම සහ එතෙක් විදුලි සැපයුම විසන්ධි නොකිරීම.

* ජාතික චිත්‍රපටි සංස්ථාවේ ලියාපදිංචි සිනමා ශාලාවල 2020 මාර්තු මස සිට දෙසැම්බර් මස දක්වා වන විදුලි බිල්පත්, බිල්පත් දිනයේ සිට සමාන වාරික 12කින් නිරවුල් කිරීම සඳහා අවස්ථාව සලසා දීම සහ එතෙක් විදුලි සැපයුම විසන්ධි නොකිරීම.

* ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි නවාතැන් පොළවල්වලට අදාළව 2020 මාර්තු මස 01 දින සිට 2021 පෙබරවාරි මස 28 දින දක්වා එකතු වී ඇති විදුලි බිල්පත් සහ ජල බිල්පත් සමාන මාසික වාරික 12කින් නිරවුල් කිරීම සඳහා අවස්ථාව ලබා දීම සහ එතෙක් අදාළ සැපයුම් විසන්ධි නොකිරීම.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles