දරුවන්ටවත් වෙලාවට ත්‍රිපෝෂ නැහැ

0
961

අතිරේක පෝෂණීය ආහාරයක් ලෙස මන්දපෝෂණයෙන් සහ අඩු බර දරුවන්ට සැපයූ ත්‍රිපෝෂ මාසිකව නොදීමෙන් ආණ්ඩුව එම දරුවන් අතහැර දමා ඇතැයි රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරින්ගේ සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු චෝදනා කරයි.

මෙරට කිරි දෙන මවුවරුන්, ගැබිණි මවුවරුන්, බර අඩු දරුවන් මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් සඳහා මාසිකව ත්‍රිපෝෂ පැකට් දෙකක් බැගින් නොමිලේ ලබා දෙනු ලැබේ.

රටපුරා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනින් මගින් ත්‍රිපෝෂ සැපයීම සිදුවෙයි. මාසිකව ත්‍රිපෝෂ නොලැබීමෙන් පෝෂණ ඌණතා හඳුනාගෙන ඇති දරුවන්ගේ සහ පෝෂණ අවශ්‍යතාවය ලැබිය යුතු ගැබිණි සහ කිරි දෙන මව්වරුන්ගේ පෝෂණ තත්ත්වයට බලපෑමක් වන බව සභාපතිනිය කියන්නීය.

වැඩිදුරටත් ඇය පවසන පරිදි, අඩු බර සහ මන්දපෝෂණයෙන් පෙළෙන හඳුනාගෙන ඇති දරුවන් වැඩි පිරිස නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ. එම දිස්ත්‍රික්කයටද අවශ්‍ය ත්‍රිපෝෂ ප්‍රමාණය මාසිකව නොලැබේ.

අය වැය යෝජනාවලදී සියලුම දරුවන්ට පෝෂණීය අතරේක ආහරයක් ලෙස ත්‍රිපෝෂ ලබාදෙන බව රජය ප්‍රකාශ කර ඇත.

එහෙත් මාස කීපයකින් ත්‍රිපෝෂ නොලැබුණ බව කී සභාපතිනිය මෙරට දරුවන්ට ලැබිය යුතු අතිරේක පෝෂණීය ආහාරය දරුවන්ට අහිමි කර තිබෙන බවද පැවසුවාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here