Saturday, September 21, 2024

නව ජනපති ජෝ බයිඩන් අද ඇමරිකාව භාරගනී… දිවුරුම් දීමේ උළෙලට ඔබාමා, ක්‌ලින්ටන් සහ බුෂ් හිටපු ජනාධිපතිවරුනුත් එති

ඇමරිකාවේ 46 වැනි ජනපති ලෙස ජෝ බයිඩන් මහතා අද (20දා) දහවල් 11.30 ට  අගවිනිසුරු ජෝන් රොබට්ස් හමුවේ දිවුරුම් දෙයි.
 
 මෙයට පෙර ජනපතිවරුන් දිව්රුම් දුන් ආකාරයට නොව බයිඩන්ට දිවුරුම් දීමට සිදු වී ඇත්තේ අන්තවාදීන්ගේ දැඩි තර්ජන මැදය.
 
 ජනපති දිවුරුම් දෙන අවස්ථාවට පෙර හිටපු ජනපති ට‍්‍රම්ප් ජනපති ධුරයෙන් සමුගැනීමේ හමුදා ආචාර පෙළපාලිය මේරිලන්ඞ් ඇන්ඞ්රුක් හමුදා කඳවුරේදී පැවැත්වේ.
 
 ට‍්‍රම්ප් ධුරයෙන් ඉවත්වුවද ඔහුට ඇමරිකානු රහස් සේවාවේ ආරක්‍ෂාව හිමි වේ.
 
 මේ අතර බයිඩන් දිවුරුම්දීමේ උත්සවයට දහසක් පමණ පිරිසක් සහභාගී වේ. ඔවුන් කොංග‍්‍රස් සභිකයන් සහ අමුත්තන් වේ.
 
 බයිඩන් මෙම දිවුරුම් දීමේ උත්සවයට පැමිණෙන්නේ බීස්ට් නමින් හඳුන්වන වෙඩි නොවදින වාහනයකිනි. බයිඩන් දිවුරුම්දීමෙන් පසු උප ජනාධිපති ලෙස කමලා හැරිස් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සෝනියා ස්නොව්මැසර් හමුවේ දිවුරුම් දෙනු ඇත.
 
 ඇය මෙම දිවුරුම්දීමේ උත්සවයට සාරියකින් සැරසී සිටින්නේ ද යන්න ගැන මෙතෙක් හෙළි වී නැත.
 
 ජනපති බයිඩන්ගේ උත්සවයට හිටපු ජනපතිවරුන් වන බරක් ඔබාමා, බිල් ක්ලින්ටන් සහ ජෝර්ජ් බුෂ් ද ඔවුන්ගේ බිරියන් ද සහභාගී වීමට නියමිතය.
 
 ජනපති ජෝ බයිඩන්ගේ ආරම්භක දේශනයද මෙතෙක් ප‍්‍රකාශයට පත් වී නැත.
 
 මේ අතර හිටපු ජනපති ට‍්‍රම්ට ඇන්ඞ්රුන් හමුදා කඳවුරේ පැවැත්වෙන සමුගැනීමේ උත්සවයෙන් පසු එයාර් ෆෝස් වන් නමැති ජනපති ගුවන් යානාවෙන් ප්ලොරිඩාහි මාර්ගෝ සංකීර්ණය වෙත යනු ඇත.
 
 ඔහු නව ජනපති බයිඩන්ගේ දිවුරුම්දීමේ උත්සවයට සහභාගී නොවන බව ප‍්‍රකාශ කර තිබේ.
 
 ජනපති ට‍්‍රම්ප් ජනපති ධුරයෙන් පිටව ගියත් පෙර සිටි ජනපතිවරුන්ට මෙන් ආරක්‍ෂක වාහන සහ වෙඩි නොවදින වාහනයක් ද ඔහුට ලැබෙනු ඇත.
 
 එසේ වවුත් ඔහුට ඉදිරි සතියේදී දෝෂාභියෝග නඩු විභාගයකට මුහුණ පෑමට සිදු වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles