73 වන ජාතික නිදහස් සැමරුම සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයට

0
683

73වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රමවේදය යටතේ පැවැත්වීමට රජය තීරණය කර ඇත.

ආරාධිතයින්ද සීමා කර ඇති බවයි ආරක්ෂක ලේකම් විශ‍්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න සඳහන් කළේය. ජාතික නිදහස් දින සැමරුමට සහභාගී කර ගන්නා බට පිරිස් ඇතුළු සියලූ පාර්ශව ඊට එක්කර ගැනීමට පෙර පී සී ආර් හෝ ඇන්ටිජන් පරීක්ෂාණ සිදු කිරීමටද නියමිත තිබේ.

ජාතික නිදහස් දින සැමරුම් උත්සවය පැවැත්වීම සම්බන්ධයෙන් කොළඹ නිදහස් චතුරස‍්‍ර පරිශ‍්‍රයේ අද පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවෙත අදහස් දක්වමින් ආරක්ෂක ලේකම්වරයා මෙම අදහස් පළ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here