ජාතිය, ආගම සහ භාෂාව තුළ නීතිය අවනීතිය කරන්න එපා – කොළඹ අගරදගුරු

0
790

සියලු ජනතාව ජාති සහ ආගම්වලට වෙන් නොවී හෘදය සාක්ෂිය අනුව කටයුතු කළ යුතු බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ඊයේ (20) පැවැසූූහ. පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් ඉල්ල වූ කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට ඊයේ (20) එක් වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.

කවදාවත් අපේ හෘද සාක්ෂියට විරුද්ධව වැඩ කරන්නට හොඳ නැහැ. හෘද සාක්ෂිය ආරක්ෂාකර ගැනීම එය අපේ වගකීමක්. මේ රට තුළ අද සිදුවෙිමන් පවතින තත්ත්වය අපි මැන බලා දැනගත යුතුයි. ජාතිය, ආගම සහ භාෂාව තුළ නීතිය අවනීතිය කරන්නට කටයුතු කරන්නේ නැතිව. වැරදි දේ කළහොත් ඒක වැරදි කියන්නට අපට ධෛර්ය තියෙන්නට ඕනේ. මේ හරි දේ හෝ වැරදි දේ කරන්නේ මොන පක්ෂයේ කෙනාද ? මොන ආගමේ කෙනාද ? මොන ජාතියේ කෙනාද ? කියන ප්‍රශ්නය නෙමෙයි වැදගත් වෙන්නේ හරි දේ කිරීම. සත්‍ය බොරුව බවට හරවන්නට කටයුතු කරනවා. කෑ ගැසිම තුළින් සත්‍ය බොරු කරන්න බැහැ යැයි ද උන්වහනසේ කීහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here