මහ බැංකුවේ බලපත‍්‍රලාභී මුදල් සමාගම් 6ක් පාඩුයි

0
358

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ බලපත‍්‍රලාභී මුදල් සමාගම් 41න් සමාගම් 6ක් පාඩු ලබන ආයතන බවට හඳුනාගෙන ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඞ් කබ්රාල් මහතා ඊයේ (20දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
 
ඒ මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හේෂා විතානගේ මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අග‍්‍රාමාත්‍යවරයාගෙන් අසන ලද ප‍්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.
 
 ඒ අනුව සෙන්ට‍්‍රල් ඉන්වෙස්මන්ට්ස් ඇන්ඞ් ෆිනෑන්ස් ලිමිටඞ්, ද ස්ටෑන්ඩර්ඞ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් ලිමිටඞ්, ටී.කේ. ෆිනෑන්ස් ලිමිටඞ්, ද ෆිනෑන්ස් කම්පැනි පී.එල්.සී, ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඞ්, ස්වර්ණමහල් ෆයිනෑන්සල් සර්විස්, එම ආයතන වේ.
 
 සෙන්ට‍්‍රල් ඉන්වෙස්මන්ට්ස් ඇන්ඞ් ෆිනෑන්ස් ලිමිටඞ් සමාගමේ ලියාපදිංචි තැන්පත්කරුවන් සංඛ්‍යාව 20161ක් වන අතර මුළු තැන්පත් වටිනාකම රුපියල් මිලියන 3965කි. ද ස්ටෑන්ඩර්ඞ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් ලිමිටඞ් සමාගමේ ලියාපදිංචි තැන්පත්කරුවන් සංඛ්‍යාව 6600ක් වන අතර මුළු තැන්පත් වටිනාකම රුපියල් මිලියන 2721කි. ටී.කේ. ෆිනෑන්ස් ලිමිටඞ් සමාගමේ ලියාපදිංචි තැන්පත්කරුවන් සංඛ්‍යාව 35184ක් වන අතර මුළු තැන්පත් වටිනාකම රුපියල් මිලියන 2691කි. ද ෆිනෑන්ස් කම්පැනි පී.එල්.සී සමාගමේ ලියාපදිංචි තැන්පත්කරුවන් සංඛ්‍යාව 147152 ක් වන අතර මුළු තැන්පත් වටිනාකම රුපියල් මිලියන 27400කි. ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඞ් සමාගමේ ලියාපදිංචි තැන්පත්කරුවන් සංඛ්‍යාව 37586ක් වන අතර මුළු තැන්පත් වටිනාකම රුපියල් මිලියන 22648කි. ස්වර්ණමහල් ෆයිනෑන්සල් සර්විස් ඡුඛක්‍ සමාගමේ ලියාපදිංචි තැන්පත්කරුවන් සංඛ්‍යාව 9623 ක් වන අතර මුළු තැන්පත් වටිනාකම රුපියල් මිලියන 2372කි.
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here