ශ්‍රීලංකන් පාඩුව රු. කෝටි 3,638 ක්. විදුලි බලය කෝටි 3,172 ක් පාඩුයි. රජයේ ව්‍යවසාය 52 ක තත්ත්වය මෙන්න

0
907

2020-21 රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාවට අනුව 2020 අගෝස්තු 31 දිනට සීමාසහිත ශ්‍රීලංකන් එයාර්ලයින් සමාගම රු. මිලියන 36,387 ක් සහ ලංකා විදුලිබල මණ්ඩලය රු. මිලියන 31,724 ක් ලෙසින් පාඩු ලබා ඇති බව වාර්තා වේ.

රජය සතු ව්‍යවසායයන් 52 ක ලාභදායීත්වය පිළිබඳ එම සටහනට අනුව රජයට වැඩිම ආදායමක් ලබා දී ඇති රාජ්‍ය ව්‍යවසාය වන්නේ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයයි. එමඟින් ලැබී ඇති ලාභය රු. මිලියන 21,344 කි. දෙවැනියට වැඩිම ලාභයක් උපයා ඇති රාජ්‍ය ආයතනය ලෙසින් ලංකා බැංකුව දැක්වෙන්නේ රු. මිලියන 12,881 ක ලාභදායීත්වයක් සමඟිනි.

මෙහිදී රුපියල් බිලියනයට වැඩි ලාභදායීත්වයක් පෙන්වා ඇති සෙසු රාජ්‍ය ව්‍යවසායන් ලෙස මහජන බැංකුව (12.88), ජාතික ඉතිරි කිරීමේ බැංකුව (5.44), ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව (3.60), ජාතික රක්ෂණ භාරකාර අරමුදල (6.20), ශ්‍රී ලංකා වරාය අධිකාරිය (7.48), සංවර්ධන ලොතරැයි මණ්ඩලය (1.71) හා ලංකා සීනි සමාගම (1.00) දැක්විය හැකිය.

මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (4.41), ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (1.17), සීමාසහිත ලංකා සතොස (1.02) 2020 අගෝස්තු 31 දිනට රුපියල් බිලියනය ඉක්මවා අලාභ ලබා ඇති සෙසු රාජ්‍ය ව්‍යවසායන් ලෙස සටහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here