නැගෙනහිර ජැටියේ ප්‍රශ්නය විකිණීම ගැන නෙමෙයි – අමාත්‍ය සරත් වීරසේකර

0
545

වත්මන් රජය බලයට පැණියේ කිසිඳු සම්පතක් විකුණන්නේ නැති බවට පවසමින් සහ විකුණූ සම්පත් ගැන දැඩි සේ විවේචනය කරමින් බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ඒ බව පැවසීය.

එහිදී,“මේ රජය බලයට ආවේ කිසිම සම්පතක් විකුණන්නේ නෑ කියලා. ඒ වගේම විකුණූ සම්පත් ගැන දැඩි සේ විවේචනය කරමින්. ඒ නිසා ජනාධිපතිතුමාත් ඒ ස්ථාවරයේ ඉන්නවා. විකුණන්නේ නෑ කියන එක. ආයෝජනය සම්බන්ධයෙන් තමයි දැන් මේ ප්‍රශ්නය ඇවිත් තියෙන්නේ,” යනුවෙන් ද සඳහන් කළේය.

මේ අතර කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අදත් දේශපාලන වේදිකාවේ විවිධ අදහස් පළ කෙරුණි.

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කළේ, “කෘෂිකර්මාන්තය, කර්මාන්ත, සේවා ඔක්කෝම කඩාගෙන වැටිලා. සල්ලි නෑ. මැජික් බලයෙන් උත්තර නෑ. ලේසිම දේ තමයි තියෙන දෙයක් විකුණන එක,” යනුවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here