සබරගමුවේ හොඳම ව්‍යවසායිකාව වින්ධ්‍යා පෙරේරා

0
799

සීමාසහිත බ්‍රිලියන්ට් කට් පෞද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂිකා වින්ධ්‍යා පෙරේරා සබරගමු පළාතේ වසරේ හොඳම ව්‍යවසායකයා – 2020 සම්මාන උළෙලේදී සම්ප්‍රදායික නොවන අංශයේ හොඳම ව්‍යවසායිකාවට හිමි රන් සම්මානය අඛණ්ඩව දෙවැනි වතාවටත් දිනා ගත්තාය. සබරගමුව වාණිජ හා කර්මාන්ත මණ්ඩලය සහ ජාතික ව්‍යාපාර සංවර්ධන අධිකාරිය සංවිධානය කළ සම්මාන උළෙල පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ. ළාබාල වයසින්ම විශිෂ්ට කුසලතාවක් පෙන්වන වින්ධ්‍යා පෙරේරා තමාගේම මැණික් කැපීමේ සන්නාමයක් ලස්ටර් ඩිසයින් නමින් අරඹා ඇත. ඒ ඔස්සේ මෙරට තරුණ හා ආධුනික මැණික් කපන්නන්ට සිය කුසලතා ලොවට ප්‍රදර්ශනය කිරීමටත්, ප්‍රවීණයන් ඇසුරේ නවතම මෝස්තර හා කැපුම් තාක්ෂණය හදෑරීමටත්, සිය දක්ෂතා හා කුසලතා ලොවට පෙන්වා ඇගැයුමක් ලබා ගැනීමටත් අවස්ථාව ලැබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here