කොවිඩ්-19 ආසාදිත මරණ 04ක් වාර්තා වෙයි

0
613

කොවිඩ්-19 ආසාදිත මරණ 04ක් වාර්තා වෙයි

අද (25) කොවිඩ් මරණ 4 වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 287කි.

මෙලෙස මියගොස් ඇත්තේ බේරුවල ප්‍රදේශයේ පදිංචිව සිටි 49හැවිරිදි කාන්තාවක්, දැරණියගල ප්‍රදේශයේ පදිංචිව සිටි 43 හැවිරිදි කාන්තාවක්, වරකාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ කොළඹ 8 ප්‍රදේශයේ පදිංචිව සිටි 71 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here