රාජගිරිය හරහා අතුරුගිරියට අධිවේගී මාර්ගයක්

0
314

නව කැලණි පාලමේ සිට රාජගිරිය හරහා පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ අතුරුගිරිය අන්තර් හුවමාරුව දක්වා කණු මත ඉදි කරන අධිවේගී මාර්ගයක් ඉදි කිරිම සඳහා කැබිනට් අනුමැතිය හිමිවිය.

ඒ සඳහා අවශ්‍ය ශක්‍යතා අධ්‍යයනය මේ වනවිට මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සිදුකර ඇත.

ආසියානු සංවර්ධන බැංකු අරමුදල් යටතේ දැනට ඉදිවෙමින් පවතින කණු මත ඉදිකරනු ලබන වරාය ප්‍ර වේශ අධිවේගී මාර්ගය ඔස්සේ මෙම ඉදි කිරීමට නියමිතයි.

ඉදිකර පවත්වාගෙන ගොස් පැවරීමේ පදනම මත 100% ක විදෙස් මුදල් සහිතව එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම නියමිතව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here