ආණ්ඩුකාරවරයාට කොරෝනා

0
316

තමන්ට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට අද (02)  තහවුරුවී ඇති බැව් දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලිගමගේ මහතා පවසයි.

 තම පෞද්ගලික ලේකම්වරයාට  කොරෝනා වෛරසය ආසාදනය විම නිසා තමන් නිරෝධායනය වෙමින් සිටි බවත්   එහිදි සිදුකළ පි.සි.ආර් පරික්ෂණයේ දි  තමන්ට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට  තහවුරුවි ඇති බවද දකුණු පළාත් ආණ්ඩුකාරවරයා අප කළ විමසුමකදි පැවසිය.

වැඩිදුර ප්‍රථිකාර සදහා කොළඹ අයි.ඩි.එච් රෝහල සදහා අද (02) උදැසන පිටත්ව යන බවද හෙතෙම  පැවසීය.

මිට පෙර ආණ්ඩුකාරතුමාගේ පෞද්ගලික ලේකම්වරයා හා ඔහුගේ රියදුරුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට පි.සි.ආර් පරික්ෂණවලදි තහවුරු වි තිබුණි. 

 ආණ්ඩුකාරතුමා ද ලේකම්වරයාගේ පළමුපෙළ ආශ්‍රිතයකු වන අතර   පළමුපෙළ ආශ්‍රිතයින් 18 දෙනෙකු පි.සි.ආර් පරික්ෂණවලට ලක්කොට ඇති අතර ඔවුන්  18 දෙනාට කොරෝනා වෛරසය ආසාදනය වි නොමැති බවට තහවුරුවි ඇත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here