වැඩිම දෛනික ආසාදිතයින්-බදුල්ලෙන්

0
360

පළමු වරට බදුල්ල දිස්ත්‍රික්කයෙන් දෛනික කොවිඩ්-19 වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 200 යේ සීමාවට ආසන්න වී තිබේ.

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ, ඊයේ  (06) දිනය තුළ වෛරස ආසාදිතයින් 197 දෙනෙකු හඳුනාගෙන ඇති බවය.

බස්නාහිර පළාතෙන් පිටත දිස්ත්‍රික්කයකින් මෙවැනි ආසාදිතයින් පිරිසක් වාර්තා වූ පළමු අවස්ථාව මෙය ලෙස සැළකේ.

බදුල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ආසාදිතයින්ගෙන් 185 දෙනෙකුම රිදීමාලියද්ද ප්‍රදේශයේ කර්මාන්තශාලාවක සේවකයින් බව වාර්තා වේ.

මේ අතර ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයින් 726 දෙනා අතරින් කොළඹ දිස්ත්‍රික්කයෙන් 116 දෙනෙකු සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් 101 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඊට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 88 දෙනෙකු, මහනුවර දිස්ත්‍රික්කයෙන් 63 දෙනෙකු, කළුතර දිස්ත්‍රික්කයෙන් 51 දෙනෙකු සහ මාතර දිස්ත්‍රික්කයෙන් 22 කු හඳුනාගෙන ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

මේ අතර වවුනියාව පොලිස් ස්ථානයේ තවත් නිලධාරීන් තිදෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වී තිබේ.

වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය සඳහන් කළේ මේ වන විට වවුනියාව පොලිස් ස්ථානය ආශ්‍රිතව ආසාදිතයින් 20 දෙනෙකු හඳුනාගෙන ඇති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here