සියලු කොටස් 8,000 න් පහළට

0
787

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (09) දිනයේ දී ඒකක 8,000 සීමාවන් මෙපිටට පැමිණියේය. ඉතිහාසයේ පළමු වතාවට පසුගිය ජනවාරි 21 දින සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 8,000 සීමාව ඉක්මවා ගිය අතර ඉන් පසු එයින් මෙපිටට එය පැමිණි පළමු අවස්ථාව මෙයයි.

දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය පෙර දිනයට සාපේක්ෂව ඒකක 149.49 කින් පහළ ගොස් ඒකක 7,963.77 ක් ලෙසින් වාර්තා විය.

අද දින ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 4.94 ක් වූ අතර මෙම වසරේ වාර්තා වූ පහළම දෛනික පිරිවැටුම මෙය වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here