නුවරින් දිනක් තුල ආසාදිතයන් 100 ඉක්මවයි

0
386

බස්නාහිර පළාතෙන් කොවිඩ් දෙවන රැල්ල ආරම්භයත් සමඟ මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 45,974ක් වේ.

මේ අතර, දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් ගණන ඊයේ (09) වාර්තා වු අතර ඒ 976ක් ලෙසය.

මීට පෙර වැඩිම ආසාදිතයින් මෙරටින් වාර්තා වුණේ පසුගිය ජනවාරි 28 වැනිදා වන අතර එම ගණන 892කි.

ඊයේ වැඩිම ආසාදිතයින් වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම ගණන 252කි.

මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් 227ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 150 ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 49ක්, බදුල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 38ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 27ක්, මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 21ක්, අම්පාර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 17ක්, කිළිනොච්චිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 11ක් ලෙස ආසාදිතයින් වාර්තා වී තිබේ.

මුලතිව්, මොනරාගල, ත්‍රිකුණාමලය, වව්නියාව, හම්බන්තොට, පොළොන්නරුව, අනුරාධපුර, මඩකලපුව, මාතලේ, පුත්තලම, කෑගල්ල යන දිස්ත්‍රික්කවලින් ද ආසාදිතයින් 10 කට අඩු සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

මේ අතර මෙරට සිදුවූ මරණවලින් වයස අවුරුදු 60 ට වැඩි මරණ සංඛ්‍යාව 255 ක් බව එම මධ්‍යස්ථානය සඳහන් කළේය.

මැදි වයසේ පුද්ගලයින් 95 දෙනෙකු ද කොවිඩ් දෙවන රැල්ල ආරම්භයත් සමඟ ජීවිතක්ෂයට පත්ව තිබේ.

කෙසේවෙතත් වයස අවුරුදු 31ට අඩු කොවිඩ් මරණ සිදුව ඇත්තේ 7 ක් පමණක් වීම විශේෂත්වයක් වේ.

මේ අතර ඊයේ දිනය තුළ පමණක් මෙරට පී.සී.ආර් පරීක්ෂණ 14,402 ක් සිදුකර තිබේ.

මේ වන විට ත්‍රිවිධ හමුදාව මඟින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 94ක් තුළ පුද්ගලයින් 9,062 කු නිරෝධායනය වෙමින් සිටින බව ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here