ගල්කිරියාගම සිවිල් ආරක්ෂක පාසැලේ 35 කට කොරෝනා

0
836

ගල්කිරියාගම සිවිල් ආරක්ෂක උසස් පුහුණු පාසැලේ නිරොධායනය වන සෙබල පිරිස අතරින් හමුවූ ආසාධිත සෙබල සංඛ්‍යාව අද පස්වරුව වනවිට 35 ක් දක්වා ඉහළගොස් ඇති බව පලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නරේන්ද්‍ර ප්‍රෙමරත්න මහතා පවසයි.

අද දහවල් වනවිට එම ගණණ 24 ක්ව පැවැදියේය. පලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හා අනුරාධපුර වසංගත රෝග විද්‍යා අංශය එක්ව අද (10) දහවල් එම සිවිල් ආරක්ෂක කදවුරේ සෙබලුන්ට කරන ලද ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණවලදී තවත් ආසාධිත සෙබලුන් 11 දෙනෙකු හදුනාගෙන තිබිණ.

අද (10) පැවැති හදිසි ප්‍රතිදේහජනක පරික්ෂාවලින් හදුනාගත් එම ආසාධිත සිවිල් ආරක්ෂක සෙබලුන් පූනානි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට පලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මේ වනවිට පියවර ගෙන තිබේ.

එම කදවුරෙන් හදුනාගත් ආසාධිතයින් 35 දෙනොගෙන් තවත් පිරිසක් මහනුවර තෙල්දෙනිය හා තවත් පිරිසක් මාතලේ ලග්ගල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට ද මේ වනවිට යොමු කර තිබේ.

ඉකුත්දා කොළඹදී පැවැති නිදහස් දින උත්සවයට එක්වීමෙන් පසුව ගල්කිරියාගම සිවිල් ආරක්ෂක කදවුර වෙත මෙලෙස නිරෝධායනනය සදහා සෙබලුන් 140 දෙනෙකුගේ පිරිසක් යොමු කර තිබිණ. එම නිරෝධායනය වන සෙබල පිරිස අතරින් මෙම කොවිඩ්-19 ආසාධිතයින් 35 දෙනා හදුනාගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here