කොටස් වෙළෙඳපොළ යළි නැගිටියි

0
333

ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ තනි දිනක් තුළ සියලු කොටස් මිල දර්ශකය ඉහළ ගිය වැඩිම ඒ්කක ප්‍රමාණය අද (12) දිනයේ දී වාර්තා විය. ඒ් අනුව අද දිනයේ දී සියලු කොටස් මිල දර්ශකය පෙර දිනයට සාපේක්ෂව ඒ්කක 387.19 කින් ඉහළ ගිය අතර දිනය අවසානයේ දී ඒය ඒ්කක 7985.00 ක් ලෙසින් සටහන් විය. මෙය පෙර දිනයට සාපේක්ෂව 5.10% ක සුවිශේෂී වර්ධනයකි.

පසුගිය ජනවාරි 22 දින ඒකක 332.18 කිින් සියලු කොටස් මිල දර්ශක අගය වැඩි වූ අතර ඒය මෙතෙක් ඉතිහාසයේ තනි දිනක් තුළ වාර්තා වූ ඉහළම වර්ධනාත්මක ඒ්කක ප්‍රමාණය වේ.

2021 ජනවාරි 27 න් පසු ගනුදෙනු දින 9 ක් තුළ දී දින 7 ක දීම සියලු කොටස් මිල දර්ශකය පහළ ගිය අතර අවසාන ගනුදෙනු දින 4 තුළ දීද මිල දර්ශකවල අඛණ්ඩ පහළ යාමක් වාර්තා විය.

අද දිනයේ දී රුපියල් බිලියන 5.17 ක ගනුදෙනු පිරිවැටුමක් කොටස් ගනුදෙනු හරහා වාර්තා වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here