කොවිඩ්-19 ආසාදිත මරණ 06ක්

0
723

අද (13) කොවිඩ් මරණ 06ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 390කි.

මෙලෙස මියගොස් ඇත්තේ බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිව සිටි 83 හැවිරිදි කාන්තාවක්, හබරාදූව ප්‍රදේශයේ පදිංචිව සිටි 70 හැවිරිදි කාන්තාවක්, නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචිව සිටි 77 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, මීගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි 46 හැවිරිදි කාන්තාවක්, මහනුවර ප්‍රදේශයේ පදිංචිව සිටි 69 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ නාරංගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

390 ded

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here