තායි එයාඒෂියා ගුවන් සේවය සහ සලාම් ගුවන් සේවය නැවතත් ශ්‍රී ලංකාවට ගුවන් ගමන් අරඹයි

0
398

ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් සම්බන්ධතා පවත්වා ගෙනයමින් සිටියදී, ලොව පුරා පැතිර ගිය කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණීම අත්හිටුවා තිබූ ගුවන්සේවා දෙකක් නැවත මෙරටට පැමිණීම අරඹා තිබේ.

එසේ ගුවන් ගමන් අරඹා ඇත්තේ සලාම් ගුවන් සේවය සහ තායි එයාඒෂියා ගුවන් සේවය යි.

මෙයින් පළමු ගුවන්යානය ලෙස ඕමානයේ මස්කට් නුවර සිට සලාම් ගුවන් සේවයේ ගුවන් යානයක් මගීන් 75 දෙනෙකු රැගෙන කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ පසුව තායිලන්තයේ බැංකොක් නුවර සිට අනෙක් ගුවන්යානය පැමිණ තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here