වි.ජ.මු ලොකුබණ්ඩාර ගුණානුස්මරණ පිංකමක් පාර්ලිමේන්තුවේ දී

0
739

දිවංගත හිටපු කථානායක වි.ජ.මු ලොකුබණ්ඩාර මහතා ගුණානුස්මරණය  කිරීම වෙනුවෙන්  පවත්වනු ලබන විශේෂ ධර්ම දේශනාමය පිංකමක්  පෙබරවාරි 22 වැනි සඳුදා පස්වරු 03 .00 ට පාර්ලිමේන්තු පරිශ්‍රයේ උත්සව ශාලාවේ දී ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. බම්බලපිටිය ශ්‍රී වජිරාමාධිපති, අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායේ මහානායක ධූරන්දර, අග්ග මහා පණ්ඩිත, අති පූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද නාහිපාණෝ ධර්ම දේශනය පවත්වති. මෙම ධර්මදේශනාමය පිංකමට සභභාගි වන ලෙස පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ට ආරාධනා කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here