“පාපන්දු සිකුරාදා” (Football Friday) අද සිට කොළඹ රේස් කෝස් පිටියේදී (වීඩියෝ)

0
557

තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි, සිලෝන් ප්‍රොපෙෂනල්ස් ස්පෝර්ට්ස් මැනේජ්මන්ට් ආයතනය සහ තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය හා ග්‍රී ලංකා පාපන්දු සම්මේලනය එක්ව සංවිධානය කරනු ලබන “පාපන්දු සිකුරාදා” (Football Friday) අද (19) සිකුරාදා සිට කොළඹ රේස් කෝස් පිටියේදී සවස 6 සිට පැවැත්වෙයි.

මේ සඳහා සියලු වයස් කාණ්ඩවල පුද්ගලයින්ට හා විවිධ හැකියාව ඇති පාපන්දු ලෝලීන්ට සහභාගී විය හැකිය.

කොවිඩ් වසංගතය හමුවේ පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව මෙය ඔබට සතුටු වන්න මෙන්ම ක්‍රීඩා කරන්න අවස්ථාවක් බව තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here