මහින්ද්‍රා අයිඩියල් ලංකා තාක්ෂණ හුවමාරුව සාර්ථකව අවසන්

0
422

මහින්ද්‍රා අයිඩියල් ලංකා පුද්ගලික සමාගමේ (MILPL) වැලිපැන්න කර්මාන්ත ශාලාවේ ප්‍රධානියා වශයෙන් කටයුතු කළ සදාසිවම් දුරෙයිරාජ් මහතා නම් ඉන්දියානු මෝටර් රථ ඉංජිනේරුවරයා විසින් මෙහෙයවනු ලැබූ පුහුණු වැඩසටහන පසුගියදා සාර්ථකව අවසන් වූ අතර මින් ඉදිරියට MILPL කර්මාන්ත ශාලාවේ වැඩකටයුතු 100%ක් ශ්‍රී ලාංකික තාක්ෂණ ශිල්පීන්ගේ ශ්‍රම දායකත්වය යටතේ කිරීමට නියමිතය.

ඉංජිනේරු සදාසිවම් දුරෙයිරාජ් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ වසර දෙකක කාලයක් පුරා ක්‍රියාත්මක කෙරුණු තාක්ෂණ හුවරමාරු වැඩසටහන සහ අංශ ප්‍රධානී ලෙස එතුමන් විසින් හොබවනු ලැබූ සේවා කාලය පසුගිය ජනවාරි 31 වැනිදායින් අවසන් කළ බවත් මේ පුහුණුව හරහා ශ්‍රී ලාංකික තාක්ෂණ ශිල්පීන් දැනුම හා නිපුණත්වය අතින් ඉතා සතුටුදායක තලයකට පත් කරන්නට හැකි වීම ගැන තමන් සතුටට පත් වන අතරම ඉන්දියාවේ Mahindra & Mahindra සමාගමේ ක්‍රියාවලියට අනුකූලව ඉදිරි මෙහෙයුම් කටයුතු කරන්නට ඔවුන්ට හැකිවනු ඇතැයි තමන් තරයේ විශ්වාස කරන බවයි. “මේ පුහුණුවේදී ලාංකික තාක්ෂණ ශිල්පීන් 50ක් පමණ මා යටතේ පුහුණුව ලැබුවා. ඔවුන්ට ගුණාත්මක නිෂ්පාදනයක් එකලස් කිරීමේ ඒකකයක වැඩ කිරීමේ අවස්ථාව මේ හරහා නිතැතින්ම ලැබුණා. එය මගේ වෘත්තියත් පහසු සහ තෘප්තිමත් එකක් කරන්නට සමත් වුණා. මා පළමුවරට ඔවුන් සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවේදී ඔවුන්ගෙන් සරල ප්‍රශ්න කිහිපයක් අසන්නට සූදානමින් සිටියත් ඔවුන් මා පුදුමයට පත් කරමින් වාහන අමතර කොටස්, මෝටර් රථ පද්ධතිවල වැදගත්කම සහ මූලහේතු වැනි කාරණා පිළිබඳ ඉතා හොඳ අවබෝධයක් ඇතිව කතා කළා. අනාගතයේ දවසක ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු මෝටර් රථයක් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන්නට හැකිවනු ඇතැයි එයින් මා තුළ ලොකු විශ්වාසයක් ඇති වුණා. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here