Monday, September 23, 2024

‘සිනමන් ලයිෆ්’ තවත් සන්ධිස්ථානයක් පසුකරයි

ශ්‍රී ලංකාවේ විශාලතම හා සුවිශේෂීම බහුභාවිත සංවර්ධන ව්‍යාපෘතිය වන ‘සිනමන් ලයිෆ්’ (Cinnamon Life) තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, සිය ව්‍යපෘති කාර්යාලය සහ ‘The Suites’ නේවාසික කුලුන සඳහා අනුකූලතා සහතිකය හිමිකර ගැනීමට පසුගියදා සමත් විය.

දැනට ලොව පුරා පවතින COVID-19 වසංගත රෝග ව්‍යාප්ති තත්ත්වය හමුවේ පවා සිනමන් ලයිෆ් ව්‍යාපෘතිය සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙමින් තිබේ.

පදිංචිය සඳහා සුදුසු වන ආකාරයට, අදාළ සියලුම රෙගුලාසි හා සුරක්ෂිතතා මාර්ගෝපදේශ වලට අනුකූලව කුලුනු දෙකම ඉදිවී ඇති බවට මේ වනවිට පූර්ණ ලෙස සහතික ලැබී තිබේ. ඒ අනුව, සිනමන් ලයිෆ් ව්‍යාපෘතියේ කාර්යාලයීය හා නේවාසික කුලුනු (‘The Suites’ සහ ‘The Offices’) 2021 මාර්තු මාසය වන විට භාරදීමට ජෝන් කීල්ස් ප්‍රොප(ර්)ටීස් (John Keells Properties) කණ්ඩායම මේ වනවිට කඩිනමින් කටයුතු සැලසුම් කරමින් සිටී.

“සිනමන් ලයිෆ් ව්‍යාපෘතිය සම්බන්ධ අපගේ දැක්ම යථාර්ථයක් වීමට ආසන්න වී ඇති මේ මොහොතේ, ජාතික වැදගත්කමකින් යුත් මෙවැනි ව්‍යාපෘතියක් සාර්ථක කරගැනීමේ උත්සාහයේදී අප කණ්ඩායමට ජයගැනීමට සිදුවූ, බොහෝ විට ඓතිහාසික යයි කිවහැකි අභියෝග දෙස ආපසු හැරී බලන විට අපට නිතැතින්ම දැනෙන්නේ ආඩම්බරයක්. අද දවසේ අප ඉදිකරමින් සිටින මේ ව්‍යාපෘතිය හෙට දවසේදී කොළඹ නගරය වෙනස් කරමින්, ශ්‍රී ලංකාවේ පමණක් නොව දකුණු ආසියානු කලාපයේම ජීවන රටාවන් මෙන්ම වාණිජ හා පාරිභෝගික අත්දැකීම් සුවිශේෂී පරිවර්තනයකට ලක්කරන ව්‍යාපෘතියක් බවට පත්වේවි. COVID-19 වසංගත රෝග ව්‍යාප්තිය නිසා මුහුණ දීමට සිදුවූ බරපතළ සීමාවන් හමුවේ පවා නොනැවතී ඉදිරියට යමින් මේ ආකාරයට ව්‍යාපෘතියේ අවසන් අදියර වෙත ළඟා වීමට හැකිවීම ගැන අප බෙහෙවින් සතුටු වනවා.”ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගමේ ‘Property Group’ හි ව්‍යාපාර ක්ෂේත්‍ර ප්‍රධානී නයන මාවිල්මඩ මහතා පැවසී ය.

“සිනමන් ලයිෆ් ව්‍යාපෘතිය ආසියාවේ සුවිශේෂී හා සුප්‍රකට මංසලකුණක් වනු ඇති බවට කිසිදු සැකයක් නැහැ. මෙරට ඉතිහාසයේ සංකීර්ණතම ඉදිකිරීම ලෙස සැලකිය හැකි මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමේ උත්සාහයේදී ජෝන් කීල්ස් ප්‍රොප(ර්)ටීස් කණ්ඩායම පෙන්නුම් කළ ශක්තිය හා ධෛර්යය ගැන මා බෙහෙවින් ආඩම්බර වනවා.  මේ සියල්ල ‘Creating New Worlds’ යන තේමාව මුල්කර ගනිමින් අප යන ගමනේ ප්‍රතිඵල ලෙස හැඳින්වීමට පුළුවන්.”

සිනමන් ලයිෆ් ව්‍යාපෘතියේ දෙවැනි නේවාසික කුලුන වන ‘The Residence’ මෙම වසරේ මැද වනවිට භාරදීමට හැකිවනු ඇති බව මාවිල්මඩ මහතා පැවසී ය. හෝටලය, සාප්පු සංකීර්ණය සහ වෙනත් ගොඩනැගිලි වල ඉදිකිරීම්ද අඛණ්ඩව සිදුකෙරෙමින් පවතී.

‘නගරයක් තුළ නගරයක්’ ලෙස සැලකෙන සිනමන් ලයිෆ් ව්‍යාපෘතිය කොළඹ නගරය හා එහි ජීවන රටාවන් සුවිශේෂී පරිවර්තනයකට ලක්කරනු ඇත. කාමර 800 කින් සමන්විත සුඛෝපභෝගී ‘සිනමන්’ හෝටලය, සුඛෝපභෝගී නිවාස, සුපිරි සාප්පු සංකීර්ණයක්, අතිනවීන කාර්යාල සහ තවත් බොහෝ දේ ඇතුළත් මෙම ව්‍යාපෘතිය ඉන්දියානු අර්ධද්වීපයේ විනෝදාස්වාද මධ්‍යස්ථානයක් බවටද පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. සුප්‍රකට ගෘහනිර්මාණ ශිල්පී සෙසිල් බැල්මොන්ඩ් මහතාගේ සැලසුමකට අනුව, වර්ග අඩි මිලියන 4.5 ක වපසරියක් ආවරණය කරමින් ඉදිවන මෙම දැවැන්ත ව්‍යාපෘතිය නූතන දකුණු ආසියාවේ කේන්ද්‍රස්ථානයක් බවට පත්වනු ඇත. මෙහි සුඛෝපභෝගී නිවාස ඇමරිකානු ඩොලර් 395,000 සිට ඉහළට මිලදීගත හැකි වේ. +94-112-152152 අංකය ඇමතීමෙන් හෝ www.cinnamonlife.com වෙත පිවිසීමෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැක.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles