Sunday, November 17, 2024

කරන්නාගොඩ විත්තිකරුවෙක්ද?

තරුණයන් ඇතුළු 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම ඇතුළු අධිචෝදනා යටතේ නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීන් ඇතුළු 14 කට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවේ 14 වන විත්තිකාර හිටපු නාවික හමුදාපති වසන්ත  කරන්නාගොඩ මහතා එම නඩුවේ විත්තිකරුවකු ලෙස තවදුරටත් තබා ගන්නේ ද නැති ද යන කරුණු සම්බන්ධයෙන් තීරණය කිරීමට නියමිතව ඇතැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ වසන්ත පෙරේරා මහතා කොළඹ විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණයට දැනුම් දුන්නේය.

විත්තිකාර වසන්ත කරන්නාගොඩ මහතා එම නඩුවේ විත්තිකරුවකු ලෙස නම් කිරීමට එරෙහිව ඔහු විසින් ගොනු කර තිබූ පෙත්සමක් මේ වනවිට අභියාචනාධිකරණය හමුවේ විභාගයට ගැනෙමින් පවතින බවත් එකී විත්තිකරු සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම තාවකාලිකව වළක්වමින් අභියාචනාධිකරණය විසින් අතුරු නියෝගයක් නිකුත් කොට ඇති බවත් දන්වමින් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා එම කරුණු දැක්වීම සිදු කළේය.

එකී අභියාචනා පෙත්සම විභාග කර අවසන් තීන්දුවක් ලබාදෙන තුරු මෙම නඩුවේ ඉදිරි කටයුතු සඳහා දීර්ඝ දිනයක් ලබාදෙන ලෙස රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා කළ ඉල්ලීම සලකා බැලූ චම්පා ජානකී රාජරත්න, අමල් රණරාජ හා නවරත්න මාරසිංහ යන විශේෂ ත‍්‍රිපුද්ගල මඬුල්ල එම නඩුව ලබන ජුලි 2 වැනිදා දක්වා කල්තැබීමට නියෝග කළහ.

14 වන විත්තිකාර වසන්ත කරන්නාගොඩ මහතා හැර නාවික හමුදා හිටපු මාධ්‍ය ප‍්‍රකාශක රියර් අද්මිරාල් ඞී. කේ. පී. දසනායක මහතා ඇතුළු සෙසු විත්තිකරුවෝ තිදෙනා ඊයේ (19 දා* අධිකරණය හමුවේ පෙනී සිටියහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles