ජනතා සහන කප්පදු කිරීමට ආණ්ඩුව සූදානම් නෑ-රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ

0
515

කුමන අභියෝග පැමිණිය ද කිසිදු ආකාරයකින් ජනතා සහන කප්පදු කිරීමට ආණ්ඩුව සූදානම් නැතැයි රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (20) උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේ පැවැති උත්සවයකට එක්වෙමිනි. සමෘද්ධි ප්‍රජා මූල පුහුණුකරුවන් පුහුණු කිරීම සඳහා මෙම වැඩමුළුව සංවිධාන කර තිබිණි
.
2021 අයවැය යෝජනා යටතේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක විවිධ ණය වැඩසටහන් සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම මෙම වැඩමුළුවේ අරමුණයි. ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මගින් අධික පොලී අනුපාත යටතේ ණය ලබා ගැනීමට ජනතාව යොමුවීම වැළැක්වීමේ අරමුණෙන් සමෘද්ධි ප්‍රජා මූල සංවිධාන වෙත රුපියල් ලක්ෂ තුනක මුදලක් නිකුත් කිරීමට අදාළව මෙහි දී පුළුල් ලෙස කරුණු සාකච්ඡා කෙරිණි.

සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි, දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ඩබ්ලිව්. ඒ. වසන්ත, දිස්ත්‍රික් සමෘද්ධි සහකාර අධ්‍යක්ෂ මහින්ද වීරකෝන් යන මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් මේ අවස්ථාවට එක් වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here