මුහුණු ආවරණය කළ හිස් වැසුම් පලඳින යතුරුපැදිකරුවන්ට නඩු බෑ

0
465

සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය කළ ආරක්ෂිත හිස් වැසුම් පලඳින යතුරුපැදිකරුවන්ට එරෙහිව නීතිමය පියවර නොගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් පාරින්ද රණසිංහ මහතා (16) අභියාචනාධිකරණයට දන්වා සිටියේය.

සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය කළ ආරක්ෂිත හිස් වැසුමක් පැලඳ ගමන් කළේ යැයි චෝදනා කරමින් පොලිසිය විසින් තමාට එරෙහිව වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කිරීමට එරෙහිව යතුරු පැදි කරුවකු ගොනු කළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම්දීම කරන ලදී.

සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් කැඳවනු ලැබිණි.

වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි නාමල් ප්‍රසංග මෙම පෙත්සම්කරු වේ.

එහිදී පෙත්සම් කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දර්ශන වේරදූවගේ මහතා සදහන් කළේ 2017 වසරේ අංක 2 දරණ මෝටර් යතුරුපැදි ආරක්ෂක හිස්වැසුම් රෙගුලාසි යටතේ පෙත්සම්කරු ට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇති බව ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here