අලි මිනිස් ගැටු­මට ‘කෝපා’ අව­ධා­නය

0
395

මෙරට අලි මිනිස් ගැටුම පිළිබඳ විශේෂ විගණන වාර්තාව නැවත වරක් ලබන 23 වැනිදා පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් කාරක සභාවේදී (කෝපා කමිටුව) කැඳවීමට නියමිතව ඇත.

පසුගිය දෙසැම්බර් 9 වැනිදා කෝපා කමිටුවේදී අනාවරණය වූ ආකාරයට අලි මිනිස් ගැටුම නිසාවෙන්    ලෝකයේ වැඩිපුරම අලි මරණ සිදුවන රට ශ්‍රී ලංකාව වන අතරේ එම ගැටුමෙන් මිනිස් ජීවිත අහිමි වන සංඛ්‍යාව අනුවද ශ්‍රී ලංකාව දෙවැනි ස්ථානයට පත්ව ඇති බවයි. එසේම අලි මිනිස් ගැටුම නිසා වසරකට සාමාන්‍යයෙන් අලි ඇතුන් 272 දෙනෙක් පමණ මියයන අතර මිනිස් ජීවිත 85ක් පමණ අහිමි වන බවත් එහෙත් ගිය වසරේ අලි-මිනිස් ගැටුමෙන් අලිඇතුන් 407 දෙනෙකු මියයද්දී මිනිස් ජීවිතද 122ක් අහිමිවී ඇති බවයි. ඒ අනුව අලි මිනිස් ගැටුම අවම කිරීමට ඉදිරිපත්ව ඇති නිර්දේශ ඉදිරි කෝපා කමිටුවේදී අවධානයට ලක්කිරීමට නියමිතව ඇතැයිද සඳහන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here