ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයින් යළිත් වැඩිවේ

0
805
Lab technician holding swab collection kit,Coronavirus COVID-19 specimen collecting equipment,DNA nasal and oral swabbing for PCR polymerase chain reaction laboratory testing procedure and shipping

ඉන්දියාවේ දෛනික කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන අඛණ්ඩ ව සිව්වන දිනටත් යළි ඉහළ ගොස් තිබේ.

ඊයේ දිනය තුළ පමණක් ආසාදිතයින් 14,264 ක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ අනුව එරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 10,991,651ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

ඉන්දියාවේ දෛනිකව කොවිඩ් මරණ 90 ක් පමණ සිදුවන අතර එරට සමස්ත මරණ සංඛ්‍යාව 156,302 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

විශේෂයෙන් මහාරාෂ්ට්‍රා ප්‍රාන්තයේ පසුගිය සතියේ දී ආසාදිතයින් 81%ක් පමණ වර්ධනය වීම ඊට හේතුව වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසති.

එම ප්‍රාන්තයෙන් කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද රාශියක් හඳුනාගෙන තිබේ.
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here