ජාත්‍යන්තරව ශ්‍රී ලංකාවට එල්ලවන මානව හිමිකම් චෝදනාවලට ප්‍රතිචාර දැක්වීම සඳහා රජය දැන්වත් නිසි යාන්ත්‍රණයක් සකස් කළයුතු බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් අද (23) විදේශ අමාත්‍යවරයාට දැඩිව අවධාරණය කර සිටියේ ය.
ඒ අද පෙරවරුවේ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා උන්වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමට පැමිණි අවස්ථාවේදීය.
“ජත්‍යන්තර වශයෙන් බෙල්ල හිර කරන්න හදන්නේ. අපි ඒවා නොදැන ඉන්නවා නෙවෙයි. හැබැයි මේකට මුහුණ දෙන්න රජයටත් වැඩපිළිවෙලක් තියෙන්න අවශ්‍යයි,” යනුවෙන් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පැවසිය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය රටවල් 47 ක සහභාගිත්වයෙන් ඊයේ ස්විට්සර්ලන්තයේ ජීනීවා නුවරදී ඇරඹුණි.
කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර සමුළුව පැවැත්වෙන්නේ වීඩියෝ තාක්ෂණය ඔස්සේය.
විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙරට වේලාවෙන් අද රාත්‍රීයේ මානව හිමිකම් කවුන්සිලය ඇමතීමට නියමිතය.
එක්සත් රාජධානිය ප්රමුඛ රටවල් 6ක් විසින් ශ්‍රී ලංකාවට එරෙහිව සකස් කළ නව යෝජනාවලියක් ද මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
විදේශ අමාත්‍යවරයා ඊට පෙර ආශිර්වාද ගැනීම සඳහා අද පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් බැහැදැක තිබුණි.