නැනො මාස්ක් නව නිපැයුම අගමැතිට

0
546
Wearing double masks, Mark Holton, a Lock Haven student home on break, walks his puppy Bella during a winter storm in Monroe Township, Wyoming County, Pa., Tuesday, Jan. 26, 2021. (Mark Moran /The Citizens' Voice via AP)

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිණී රාජපක්ෂ, විශේෂඥ වෛද්‍ය චමින්ද හේරත් මහත්වරු ඇතුළු කණ්ඩායමක් නිර්මාණය කළ නැනො තාක්ෂණික වයිරස් නාශක මුව ආවරණය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ එළිදැක්වීම ඊයේ(25) පාර්ලිමේන්තුවේ කමිටු ශාලා 01හි දී පැවැත්විණි. මෙම නැනො වයිරස් නාශක තාක්ෂණික මුව ආවරණය ඒ මත වැටෙන ඕනෑම විෂබීජයක් විනාශවන ආකාරයට නිර්මාණය කර තිබීම විශේෂත්වයකි. ලොව ප්‍රථම වයිරස් නාෂක සහ නැනො අංශු පෙරණ මුව ආවරණය මෙය වේ. නොබෝදිනකින් මෙම විශේෂිත මුව ආවරණය දේශීය හා විදේශීය වෙළඳ පොලට නිකුත් කිරීමට පර්යේෂක කණ්ඩායම සැළසුම් කර තිබේ.  ඊට අවශ්‍ය රාජ්‍ය මැදිහත්වීම ඉටු කිරීමට සෞඛ්‍ය අමාත්‍යතුමියට දැනුම් දෙන බව අග්‍රාමාත්‍යතුමා මෙහිදී සඳහන් කළේය. මෙම නව නිපැයුම සඳහා රාජ්‍ය ඇමතිනි සීතා අරඹේපොළ මහත්මියගේ සහය ලැබී තිබේ. අමාත්‍යවරුන්වන බන්දුල ගුණවර්ධන, ගාමිණි ලොකුගේ, රාජ්‍ය අමාත්‍යවරුන්වන රොෂාන් රණසිංහ, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, සුසිල් ප්‍රේමජයන්ත, ලසන්ත අලගියවන්න, ඩී.වී චානක මහත්වරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා ඇතුළු මහජන නියෝජිතයින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here