රුසියානු රාජ්‍ය තාන්ත්‍රික පිරිසක් අතින් තල්ලු කරන දුම්රිය ඩක්කුවකින් උතුරු කොරියාවෙන් නිවෙස් බලා පිටව ගිහින්

0
538

රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයන් පිරිසක් සහ ඔවුන්ගේ පවුල්වල අය දැඩි කොවිඩ් ක්‍රියාමාර්ග හේතුවෙන් අතින් තල්ලු කරන ලද දුම්රිය ඩක්කුවකින් උතුරු කොරියාවෙන් පිටව ගිය පුවතක් වාර්තා වේ. රුසියානු දේශ සීමාව හරහා කිලෝමීටර 1ක් දුම්රිය මාර්ග ඔස්සේ ගමන් කිරීමට පෙර පුද්ගලයන් අටදෙනා දුම්රිය හා බස් රථවලින් ගමන් කර ඇත. වයිරසය පැතිරීම සීමා කිරීමට උතුරු කොරියාව බොහෝ මගී ප්‍රවාහනය මාර්ග අවහිර කර තිබේ. පසුගිය වසරේ මුල සිට දුම්රිය හා වැගන් රටට ඇතුළුවීම හෝ පිටවීම තහනම් කර ඇත. බොහෝ අන්තර්ජාතික මගී ගුවන් ගමන් ද නතර වී ඇත. මේ අනුව රුසියානු තානාපතිවරුන්ට එතරම් විකල්පයක් නොතිබුණි.

“වසරකට වැඩි කාලයක් තිස්සේ දේශසීමා වසා දමා ඇති අතර මගීන්ගේ ගමනාගමනය නවතා දමා ඇති බැවින්, නිවෙස් කරා යාමට දිගු හා දුෂ්කර ගමනක් ගත විය” යනුවෙන් රුසියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය ෆේස්බුක් සටහනක් මගින් කියා සිටියේය. අමාත්‍යාංශය විසින් බෙදාගන්නා ලද ඡායාරූප මගින් ඩක්කුවේ සිටින තානාපතිවරුන්ගේ සූට්කේස් සමඟ ශීත සෘතුවේ භූ දර්ශනයක් දක්නට ඇත. ඔවුන් රුසියාවට යන විට ඔල්වරසන් දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් ද ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here