ලොතරැයි දිනුම් ලැබී ඇති බව පවසමින් මුදල් වංචා කළ මුස්ලිම් ජාතික කෝටිපතියෝ අත්අඩංගුවට

0
521

මහා පරිමාණයේ මත්ද්‍රව්‍ය ජාවාරමක් හා ලොතරැයි දිනුම් ලැබී ඇති බවට තරුණ පිරිස් රවට්ටමින් මුහුණු පොත ඔස්සේ මුදල් වංචාවක් කරගෙන ගිය කණ්ඩායමේ මුදල් භාරකරුවන් බව කියන මුස්ලිම් ජාතික කෝටිපති ව්‍යාපාරිකයන් තිදෙනකු කොළඹ හැවුලොක් ටවුන්හි සුඛෝපභෝගි නිවාස සංකීර්ණයක 10 වැනි මහලේ පිහිටි නිවෙසකදී රුපියල් ලක්ෂ 85ක මුදලක් සමඟ අත්අඩංගුවට ගැනීමට කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාශයේ නිලධාරීන් සමත් වී ඇත.

මේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් 9 දෙනකු ඉකුත් 23 වැනිදා දෙහිවල ගල්කිස්ස ප්‍රදේශවලදී අත්අඩංගුවට ගත් පොලිසිය ඔවුන්ගෙන් ලද තොරතුරු ඔස්සේ මේ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් පදිංචිව සිටි සුඛෝපභෝගී ආරක්ෂිත නිවෙසේ සිවිලිමේ සඟවා තිබූ රුපියල් අසූපන් ලක්ෂයකට වැඩි මුදල් ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇති අතර මේ ජාවාරමේ මහ මොළකරු කැනඩාවේ පදිංචිකරුවකු බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.ඉකුත් 23 වැනිදා අත්අඩංගුවට ගත් සැකකරුවන් ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම අයිස්, හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම් කරමින් මෙරට රැඳී සිටි නයිජීරියානුවන් උස්බෙකිස්තානුවන් සමඟ සමීප සබදතා පවත්වමින් මෙලෙස නීතිවිරෝධී ජාවාරම්වල නිරත වෙමින් අති විශාල මුදල් වංචාවක් කණ්ඩායමක් ලෙස එක්වී කරමින් සිට ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here