Tuesday, November 19, 2024

නාගමඩුව වැව් රක්ෂිතයේ ගස් දරට කපයි

වනාතවිල්ලූ‍ව නාගමඩුව වැව් රක්ෂිතයට අයත් භූමි ප‍්‍රදේශයේ වටිනා ශාක වර්ග රැුසක් මිනිසුන්ගේ විවිධ අවශ්‍යතාවයන් සඳහා අනවසරයෙන් කපා රැුගෙන ගොස් තිබේ.

මෙසේ කපා ඇත්තේ වැව් රක්ෂිතයට අයත් අක්කර දෙකක පමණ භූමි ප‍්‍රදේශයක තිබූ කොහොඹ, මාදන් ඇතුළු වටිනා ගස්

රැුසකි. රක්ෂිතයේ තිබූ මෙම දැවැන්ත ගස් කපා ට‍්‍රැක්ටර් යොදා ගනිමින් ප‍්‍රවාහනය කර ඇති බව ප‍්‍රදේශවාසීහු පවසති.

අක්කර 15කට ආසන්න වපසරියකින් යුත් නාගමඩුව වැව පුත්තලම වනාතවිල්ලූ‍ව ප‍්‍රධාන මාර්ගයට මුහුණලා ඇති වැවකි. නාගමඩුව වැවේ එක් පසකින් මොන්ගිල්ආරු ඔය ගලා බසින අතර එම ඔය ඉවුර දෙපස තිබූ ගස්ද මෙසේ කපා ඇති බව සඳහන්.

සිද්ධිය වාර්තාවීමත් සමග වනාතවිල්ලූ‍ව ප‍්‍රාදේශීය ලේකම් නිලංග නන්දසේන මහතා හා අදාළ වසම භාර ග‍්‍රාම නිලධාරීවරයා එම ස්ථානයට පැමිණ නිරීක්ෂණය කළහ. මෙහිදී ප‍්‍රාදේශීය ලේකම්වරයා පවසා සිටියේ මෙම රක්ෂිතයේ සිදුකර ඇති කටයුත්ත සම්පුර්ණයෙන් නීති විරෝධී ක‍්‍රියාවක් බවයි. වනාතවිල්ලූ‍ව ප‍්‍රාදේශීය ලේකම් නිලංග නන්දසේන මහතා මෙම සිද්ධිය පිළිබඳව මෙයට පෙර කෘෂිකර්ම කමිටුව පැවැත්වෙන අවස්ථාවකදී වාර්තා වෙලා ඒ පිළිබඳව වනාතවිල්ලූ‍ව පොලිසිය දැනුවත් කළා. ඒ සමගම මේ ගස් කපා දැමීම සම්බන්ධව සැකකරු අදාළ රක්ෂිතයට බලපත‍්‍ර තිබෙන බවට දන්වලා තිබෙනවා. නමුත් වැව් රක්ෂිතයට බලපත‍්‍ර ලැබීම ගැටලූවක්. ඒසමගම මේ කපලා තිබෙන ගස් සඳහා කිසිඳු අවසරයක් අරන් නැහැ. එසේම මේ කපලා තිබෙන කොහොඹ, මාදන් කපන්න කිසිම ලෙසකින් අවසර ලබා දීලත් නැහැ. මේ පිළිබඳව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

වනාතවිල්ලූ‍ව ප‍්‍රාදේශීය ලේකම් නිලංග නන්දසේන

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles