කටුනායක ගුවන් ගමන් සුපුරුදු පරිදි

0
486

fShare

ගුවන් යානා 27ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් ගුවන් මගීන් 1,736 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සළසා දීමට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඊයේ(01*දින උදෑසන 8.30න් අවසන් වූ පැය 24ක කාලය තුළ පියවර ගෙන තිබූ බව ගුවන් තොටුපළ කාර්ය භාර නිලධාරීවරයා පැවසීය.

ඒ අනුව ගුවන් මගීන් 686 දෙනෙකු, ගුවන් යානා 11කින් මෙම කාල සීමාව තුළ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබිණි.

ඒ අතර සෞදි අරාබියේ රියාද් සිට 105 දෙනෙකු ද, කටාර් රාජ්‍යයේ දෝහා සිට 70 දෙනෙකුද, සිංගප්පූරුවේ සිට 89 දෙනෙකුද පැමිණ තිබිණි.

මෙම ගුවන් මගීන් පිරිස නිරෝධායන ක‍්‍රියාවලිය සඳහා ශ‍්‍රී ලංකා යුධ හමුදාව විසින් විශේෂ බස් රථ මගින් සංචාරක හෝටල් වෙත රැුගෙන ගොස් යනු ලැබීය.

එසේම මෙම කාල සීමාව තුළ ගුවන් මගීන් 1,050 ක්, ගුවන් යානා 16කින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබිණි. ඒ අතර සෞදි අරාබියේ රියාද් වෙත 229 දෙනෙකුද, ඉන්දියාවේ චෙන්නායි වෙත 170 දෙනෙකුද, කටාර් රාජ්‍යයේ දෝහා වෙත 108 දෙනෙකුද පිටත්ව ගොස් තිබූ ගුවන් මගීන් අතර සිටියහ. එමෙන්ම මෙම කාල සීමාව තුළ ආනයන වශයෙන් කිලෝග්‍්‍ර?ම් 133,000ක් බරැුති ගුවන් භාණ්ඩ තොගයක් කටුනායක ගුවන් තොටුපළ වෙත රැුගෙන පැමිණ තිබූ අතර, අපනයන වශයෙන් කිලෝග්‍්‍ර?ම් 299,000 ක් බරැුති ගුවන් භාණ්ඩ තොගයක් කටුනායක ගුවන් තොටුපළෙන් විදේශ රටවල් බලා රැුගෙන ගොස් තිබූ බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය. දිවයින

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here