මරාගෙන මැරෙන බෝම්බකරුගේ පියා තවදුරටත් රිමාන්ඩ්

0
586

2019 වසරේ පාස්කු ඉරුදින කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බකරුගේ පියා වන අහමඩ් ලෙබ්බේ අලව්දීන් නැමැත්තා මාර්තු මස 16 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

එම පැමිණිල්ල අද (02) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ එම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා අහමඩ් ලෙබ්බේ අලව්දීන් නැමැති සැකකරු මාර්තු මස 16 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය. 

අලව්දීන් මොහොමඩ් මුවාත් නමැති පුද්ගලයා විසින් පාස්කු ඉරුදින කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ අතර ඉන් අනතුරුව ඔහුගේ පියා මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය. derana

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here