“සාරා ගියාද කියලා අපි දන්නේ නැහැ-මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර

0
677

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිවයුතු පුද්ගලයින් අධිකරණය හමුවට ගෙනඒම සඳහා අවශ්‍ය ප්‍රබල සාක්ෂි පවතින බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ නඩු පැවරීමට අවශ්‍ය තොරතුරු අඩංග විශාල ලිපිගොනු 08ක් භාරදී ඇති බවය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

“පාස්කු ප්‍රහාරයේ ඒ සියලු විමර්ශන කටයුතු නිම කරලා සෘජුව සම්බන්ධ වෙච්ච අපරාධකරුවන් 32ක් සම්බන්ධයෙන් මනුෂ්‍ය ඝාතන සහ කුමන්ත්‍රණ කිරීම සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා විශාල ලිපිගොනු 08ක් භාරදීලා තියෙනවා. මෙතන කොමිසම කියන්නේ අතිරේක දෙයක්. නමුත් දැනටමත් අපිට ඉතා හොඳ සාක්ෂි තියෙනවා. ප්‍රබල සාක්ෂි තියෙනවා, ඒ සියලුම පුද්ගලයන් අධිකරණයට ගේන්න.”  

එහිදී මාධ්‍යවේදින් ප්‍රශ්න කර සිටියේ, “සාරාගේ වර්තමාන තත්ත්වය කුමක් ද?” යනුවෙනි.

“සාරා ගියාද කියලා අපි දන්නේ නැහැ. පැන ගියා කියලා බොරුවට පණිවුඩය යවලා, වෙන තැනක ඉන්නවා ද? නැතිනම් මිය ගියාද? දන්නේ නෑ. දැනට පරීක්ෂණ පවත්වාගෙන යනවා,” යනුවෙන් ඇමතිවරයා පිළිතුරු දුනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here