පියාගෙන් සල්ලි ගන්න බිලිඳාට පහර දීම වීඩියෝ කරලා

0
391

යාපනය, මනියතෝට්ටම් ප්‍රදේශයේදී මවක විසින් සිය මාස 9ක් වයසැති දරුවාට අමානුෂිකව පහර දෙනු ලැබ ඇත්තේ එම අවස්ථා වීඩියෝ කර විදේශගතව සිටින දරුවාගේ පියාට යවා මුදල් ගැනීමට බවට පොලිසියට තොරතුරු හෙළි වී තිබේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය විසින් තවත් පුද්ගලයන් දෙදෙනකු පෙරේදා (03) අත්අඩංගුවට ගෙන තිබේ.

එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පහරදීමේ සිද්ධියට සම්බන්ධ කාන්තාවගේ මස්සිනා කෙනකු හා කාන්තාව දරුවාට පහර දෙන අවස්ථාවේදී එය වීඩියෝ කළ පුද්ගලයාය.

දැනට පොලිසිය විසින් කරන ලද පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ අදාළ පුද්ගලයන් දෙදෙනා එම වීඩියෝ දර්ශන විදේශ රටක සිටින කාන්තාවගේ ස්වාමියාට යවා ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් පොලිසිය ප්‍රශ්න කර ගෙන යන අතර ඔවුන් දෙදෙනාද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට යාපනය පොලිසිය පියවර ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here