ජල විදුලි බලාගාරයේ 10කට කොරෝනා

0
575

ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ සේවකයින් 10 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවත් එම අසාදිතයින් මේ වන විට නිරෝධායන ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු කර ඇති බව අඹගමුව සෞඛ්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරියෙක් පැවසීය.                              

එම ජල විදුලි බලාගාරයේ සේවකයින් තිදෙනෙකුට මිට ප්‍රථම කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වූ නිසා එම ජල විදුලි බලාගාරයේ සෙසු සේවකයින් ඊයේ (05) ඇන්ටිජන් පරීක්ෂාවකට ලක් කළ බවත්, එහිදි සේවකයින් 07 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව එම නිලධාරියා කියා සිටියේය.   

එම අසාදිතයින් හමුවීමත් සමග ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ තවත් සේවකයින් 140 දෙනෙකු පී.සී.ආර් පරීක්ෂණයකට භාජනය කර එම සේවකයින් ලක්ෂපාන ජලවිදුලි බලාගාර සංකීර්ණයේ සේවක නිල නිවාස වලම ස්වයං නිරෝධායනයට යොමු කළ බව ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ නිලධාරියෙක් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here