භූමදානයට සුදුසු තවත් ප්‍රදේශ සොයන්න දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම්දෙයි(වීඩියෝ)

0
397

කොවිඩ් දේහ භූමදානය කිරීමට සුදුසු ස්ථාන පිළිබඳව තමන්ට දන්වා එවන ලෙස සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ට දන්වා යැවූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවේ ඉරණතිව් තෝරාගනු ලැබුවේ මූලික පියවරක් ලෙස බවය.

ඔහු තවදුරටත් පැවසුවේ, “මම හරි අමාරුවෙන් පහුගිය දවස් ටිකේ බේරිලා හිටියේ. මොකද මගෙන් අහනවා නේ කොහෙද දාන්නේ.. ඉරණතිව් ද දාන්නේ. ඔට්ටමාවඩි ද දාන්නේ කියලා. ඉරණතිව් අපි තීරණය කළේ මූලික පියවරක් විදිහට. ඔට්ටමාවඩි අපි දැනට භූමදානය කරනවා. ඊට අමතරව අපි සියලුම පළාත්වල ඉන්න දිස්ත්‍රික් ලේකම්වරු ඇතුළු අනෙකුත් නිලධාරීන්ට දැනුම්දීලා තියෙනවා තම තමන්ගේ පළාතේ තැනක් අපිට හොයලා දෙන්න කියලා. එතකොට ඒ ස්ථානයේ ගිහිල්ලා භූමදානය කරන්න පුළුවන්,” යනුවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here