බූස්සේ රැඳවියන් 17ට කොරෝනා

0
362

ඇල්පිටිය පොලිසියේ නිලධාරීන් තිදෙනකු හා බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් 17 දෙනකු කොරෝනා ආසාදිත බව අද (9) තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මීට පෙර, ඇල්පිටිය පොලිසියේ නිලධාරීන් තිදෙනකු කොරෝනා ආසාදිත වීම හේතුවෙන් පෙරේදා (07) කරන ලද පීසීආර් පරීක්ෂණවල ප්‍රතිඵල අද ලැබී තිබුණු අතර එමගින් මෙම තිදෙනා ආසාදිත බව තහවුරු වී තිබේ.

ඒ අනුව ඇල්පිටිය පොලිසියෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 06ක් දක්වා ඉහළ ගොස් ඇත.

බූස්ස බන්ධනාගාරයේ ආසාදිතයන් 17 දෙනකු වාර්තාවීමත් සමඟ ආශ්‍රිත වූ අය සොයා පීසීආර් පරීක්ෂණ සිදුකිරීමට සැලසුම් කර ඇති බවත් ආසාදිතවූවන් රෝහල් කරා යොමුකිරීමට කටයුතු කරන බවත් සෞඛ්‍ය අංශ පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here