රු.බිලියන 15.9 ක් මහා භාණ්ඩාගාරයට අහිමි වෙයි

0
498

සීනි සඳහා වූ බද්ද ශත 25 දක්වා ආණ්ඩුව විසින් අඩු කිරීම නිසා මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන 15.9 ක් අහිමි වූ බව මුදල් අමාත්‍යාංශය විසින් ඊයේ (09* දින පාර්ලිමේන්තු මුදල් කාරක සභාවට වාර්තාවක් ඉදිරිපත් කරමින් දන්වා සිටියේය.
 
 එලෙස අහිමි වූ මුදලින් කොටසක් අදාළ බද්ද ඉවත් කිරීමෙන් පසුව මෙරටට සීනි ගෙන්වනු ලැබූ සමාගම් වෙත ලැබී ඇතැයිද එම වාර්තාවෙන් සඳහන් කර තිබේ.
 
 සීනි කිලෝවක් ආනයනය කිරීම සඳහා තිබූ බද්ද රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කිරීම හේතුවෙන් එක් පුද්ගලික සමාගමක් පසුගිය ඔක්තෝම්බර් (2020* 14 දා සිට පෙබරවාරි 20 (2021* දක්වා කාලය තුළ විශාල වශයෙන් සීනි ආනයනය කර ඇත. කෙසේ වෙතත් බදු අඩු කිරීමට පෙර මාසයේදී සීනි විශාල තොගයක් අදාළ සමාගම මෙරටට ගෙන්වීමට කි‍්‍රයා කර ඇතැයිද එම වාර්තාවේ සඳහන් වේ.
 
 මේ නිසා එම සමාගමට මෙලෙස විශාල වශයෙන් බදු වාසියක් සිදුව ඇතැයිද එහි සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here