මාළු වෙළඳපොළ වැසේ

0
630

මන්නාරම මාළු වෙළඳපොළ වෙළෙන්දන් 08දෙනෙකු ඇතුළු 17දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වෙයි.

ආසාදිතයින් වාර්තා වීමත් සමඟ මාළු වෙළඳපොළ තාවකාලිකව අද (10) වසා දැමීමට පියවර ගෙන ඇති බව මන්නාරම සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසයි.

පසුගියදා මන්නාරම මාළු වෙළඳ පොළේ සිටි වෙළෙන්දෙක් දුම්රිය අනතුරකින් මිය ගොස් ඇති අතර ඔහුට සිදු කරන ලද පී.සී.ආර් පරීක්ෂණයෙන් මිය ගිය වෙළෙඳාට කොවිඩ් අසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

ඒ අනුව මාළු වෙළෙඳපොලේ සියලුම පුද්ගලයින්ට පී.සී.ආර් පරීක්ෂණ සිදු කර ඇති අතර එම පරීක්ෂණ වලින් මෙම ආසාදිතයින් 17දෙනා හඳුනා ගෙන ඇත.

එම ආසාදිතයින් අතර වෙළෙන්ඳන් 08දෙනෙකු සහ පිටස්තර ප්‍රදේශයන්හි සිට පැමිණි පුද්ගලයින් 09 දෙනෙකු සිටියි.

මාළු වෙළඳපොළේ වෙළන්දන් ඇසුරු කරන ලද පුද්ගලයින් හඳුනාගෙන නිරෝධායනය සඳහා යොමු කරමින් සිටින බව මන්නාරම සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය සඳහන් කරයි.

මන්නාරම වෙළඳපොළ විෂබීජහරණය කිරීමෙන් පසුව ආරක්ෂාව තහවුරු කර නැවත විවෘත කිරීමට පියවර ගන්නා බව මන්නාරම සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here