Saturday, September 21, 2024

ශී‍්‍ර ලංකාව දෙමළ ඩයස්පෝරා සංවිධාන 7ක් තහනම් කරයි

කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාවට අයත් සංවිධාන හතක් ශී‍්‍ර ලංකාව තුළ තහනම් කිරීමට සහ ඒවායේ ක‍්‍රියාකාරීන් 388දෙනකුට නැවතත් ශ‍්‍රී ලංකාවට පැමිණීම තහනම් කිරීමට රජය පියවර ගෙන තිබේ.
 
 ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය ආරක්ෂක ලේකම් විශ‍්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න විසින් (02 වැනිදා* නිකුත් කර ඇත.
 
 බි‍්‍රතාන්‍ය දෙමළ සංසදය, කැනේඩියානු දෙමළ කොංග‍්‍රසය, ඔස්ටේ‍්‍රලියානු දෙමළ කොංග‍්‍රසය, ගෝලීය දෙමළ සංසදය, කැනේඩියානු ද්‍රවිඩ ජාතික කවුන්සිලය ඇතුළු විදේශයන්හි ක‍්‍රියාත්මක සංවිධාන හතක් සහ ඒවායේ ක‍්‍රියාකාරීන් 388දෙනකුට මෙලෙස තහනම පනවා තිබේ.
 
 එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදීන්ට එරෙහි යුද්ධය නිමා වීමෙන් පසු රටින් පිටත ‘ඡුායා ඊළාම් රාජ්‍යයේ’ ක‍්‍රියාකාරීත්වය සහ විදේශගත කොටි හිතවාදී ද්‍රවිඩ ඩයස්පෝරාවේ කටයුතු කෙරෙහි අවධානය යොමු කළ එවකට පැවැති මහින්ද රාජපක්ෂ රජය ඉකුත් 2014 වසරේ දී පමණ මෙම සංවිධාන සහ පුද්ගලයන් රැුසක් තහනම් ලැයිස්තුවට එක් කිරීමට කටයුතු කළේය.
 
 එල්.ටී.ටී.ඊ.ය ත‍්‍රස්තවාදයට යළි පණ දීමේ උත්සාහයන් වැළැක්වීමේ අරමුණින් එවකට පැවැති රජය එසේ කටයුතු කළ ද 2015 වසරේ යහපාලනය බලයට පත්වීමෙන් පසු එම තහනම් ලැයිස්තුවේ තිබූ සංවිධාන සහ ඒවායේ ක‍්‍රිියාකාරී පුද්ගලයන්ගේ නම් ඉන් ඉවත් කිරීමට පියවර ගනු ලැබිණි.
 
 ඒ හේතුවෙන් පසුගිය කාලයේ විදේශයන්හි සිට එල්.ටී.ටී.ඊ.යට පණ දීමට උත්සහ දරන ප‍්‍රබලයෝ රැුසක් මෙරටට පැමිණ විවිධ ක‍්‍රියාකාරකම් හි යෙදී නැවත විදේශගත වූහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles