සඟවා තිබූ තවත් රත්‍රං තොගයක් හමුවේ

0
522

රුපියල් මිලියන 13කට ආසන්න වටිනාකමින් යුත් රත්‍රං තොගයක්, කටුනායක ගුවන්තොටුපළේ සඟවා තිබිය දී ශ්‍රී ලංකා රේගුව විසින් සොයාගෙන තිබේ.

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය විසින් එම රත්‍රං සොයාගෙන තිබුණි.

එම රත්‍රං පාර්සල් තුනක දමා තිබූ අතර එහි බර කිලෝ 1 ග්‍රෑම් 500කට ආසන්න බව රේගුව සඳහන් කළේය.

මෙම පාර්සල් කටුනායක, ගුවන්තොටුපළේ වැසිකිළියක් ආසන්නයේ තිබී සොයාගෙන තිබේ.

මීට පෙර ද රන් බිස්කට් තොගයක් සොයාගත් අතර එහිදී එක් පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගනුලැබීය.

එම සිද්ධිය පිළිබදව සිදුකළ වැඩිදුර විමර්ශනවලදී  මෙම රත්‍රං තොගය සොයාගැනීමට හැකි වූ බව ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here