සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා අද (05) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වු පරීක්ෂණවලට අදාළ කරුණු කිහිපයක් පිළිබඳ විස්තර ලබාගැනීම සඳහා මන්ත්‍රීවරයා ට අද දින කැඳවීමක් සිදුකර තිබුණි.
මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සමග සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ සිටියේය.
එහිදී අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේ, පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වු අයට දැඩි දඬුවම් ලබාදෙනු ඇතැයි අපේක්ෂාවෙන් ජනතාව වත්මන් රජයට ජනවරමක් ලබාදුන් බවය