Tuesday, November 26, 2024

බෝඩිං කාමරයක කෝටියක කේරළ ගංජා

මල්වානේ වල්ගම සමෘද්ධි මාවතේ කුරුස කණුව ප‍්‍රදේශයේ නේවාසිකාගාරයක ස`ගවා තිබූ රුපියල් කෝටියක් පමණ වටිනා කේරළ ගංජා කිලෝ ග‍්‍රෑම්ස් අසූපහකට (85) ආසන්න ප‍්‍රමාණයක් කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

ඒ සමගම මේ සම්බන්ධව පුද්ගලයින් දෙදෙනෙකු ද පොලිස් භාරයට ගැනිණි.

තවද මොවුන් ළ`ග තිබී ජංගම දුරකථන තුනක් ද සොයා ගත්හ.

එහි පොලිස් පරීක්ෂක මනෝජ් සම්පත් මහතාට ලද තොරතුරක් මත බියගම සියඹලාපේ හන්දියේදී පුද්ගලයෙකු ළග තිබූ සැක පාර්සල් දෙකක් පරීක්ෂාවට ලක් කිරීමේදී එහි කේරළ ගංජා කිලෝ ග‍්‍රෑම්ස් හතරයි මිලිග‍්‍රෑම්ස් දෙසිය පනහක් (කි.ගැ. 4.250ක් ) තිබී හමු වූ අතර ඉන්පසුව ඔහුගෙන් ප‍්‍රශ්න කිරීම් මත එම කේරළ ගංජා තොගය සොයා ගැනීමට හැකි වී තිබේ.

එම කේරළ ගංජා ඉන්දියාවේ සිට බෝට්ටු මගින් යාපනයට ගෙනැවිත් තිබෙන බවට තොරතුරු ලැබුණු අතර එම කේරළ ගංජා මොවුන් විසින් බෙදාහැරීම ස`දහා යාපනයේ සිට රැුගෙනවිත් ස`ගවා තිබිණි.

එම පුද්ගලයින් දෙදෙනා බියගම හා දොම්පේ යන ප‍්‍රදේශවල පදිංචි වයස අවුරුදු 30 හා 31 වන වියේ පසුවන්නෝ වෙති.

මොවුන් අධිකරණයෙන් රැු`දවුම් නියෝග ලබා ගෙන තවදුරටත් ප‍්‍ර‍්‍රශ්න කිරීමට නියමිතව ඇත.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, බස්නාහිර පළාත – උතුර භාර නියෝජ්‍ය පොලිස්පති දමයන්ත විජය ශ‍්‍රී, කැලණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් ඩයස් හා කැලණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි (1) එම්. කේ.ආර්.ඒ. ගුණරත්න යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ඒ. කල්‍යාණතුංග, පොලිස් පරීක්ෂක ආර්.එම්.ජී.රණවීර, මනෝජ් සම්පත්, උප පොලිස් පරීක්ෂක මධුශාන්ත, පො.කො. සරත් (61030), චතුරංග (32392) හා දුනුකාර ( 92347) යන නිලධාරීහු විසින් මෙම වැටලීම සිදු කරනු ලැබූහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles