මුළු රටම අහන්නේ සහරාන් මෙහෙයවපු හස්තය ගැනයි

0
385

ඉතිහාසය පුරාම අන්තවාදය, ජාතිවාදය, වර්ගවාදය දේශපාලන අවියක් කර ගැනීමට කටයුතු කර තිබෙනවා. පාස්කු ප‍්‍රහාරය ගැන අඳෝනා නඟමින් සාධාරණය ඉටු කරනවා කියාගෙන ආපු ආණ්ඩුව අද නටපු නැටුමකුත් නැහැ බෙරේ පලූවකුත් නැහැ කියලා ජනතාව කියනවා.

පාස්කු කොමිසම කර තියෙන්නේ මෙතෙක් දන්නා කරුණු ගොනු කිරීම පමණක් බවත් ජනතාව කියනවා.

මුළු රටම අහන්නේ සහරාන් මෙහෙයවපු හස්තය කුමක්ද කියලයි. ඇයි මේ කොමිසම ඒ බව හොයන්න උත්සාහ කර නැත්තෙ. සාරා නමැත්තිය ගෙන්වා ගැනීම ගැන කිසිවක් මෙහි නැහැ.

කාදිනල්තුමා නඩුව අරන් ජාත්‍යන්තරයට යනවා කියන්නේ මේ ආණ්ඩුව තුළින් සැබෑ වරදකරුවන් හෙළි නොවන නිසයි. වඳ සැත්කම්, වඳ කොත්තු, වඳ යට ඇඳුම් ගැන කියමින් මහා කලබලයක් එදා ඇති කළා. නමුත් අද මේවා කිසිවක් ඇත්ත කියා ඔප්පු කර ගන්න බැරි වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here